Tuesday, August 31, 2010

නුඔ එන්නේ කවදාද


කණා මැදිරි එළි එදා වගේ නෑ අද
ගුලි වෙලා ගිහින් උන් අදුර තුල නුඔ වගේම
හිස් අහස කරැවලයි මගේ දුක් සිත සේම
තරගයට අපි ගැන්න තාරුකා කෝ... කොහිද
ඉද හිටක දැවටිලා ඈතටම පැන දුවන
මද සුලං රැලකවත් නුඔ සුවද දැවටිනිද
එදා නුඔ කවි ලීව දොඩමලු වු මා දෙනෙත
නුඔ සෙවු වෙහෙසටම ගොලු වෙලා ගිහින් අද 
තාරුක නෙතු එලියෙන් යලි පාර අසා ගෙන
දුක කියන නෙතු අගට හින මල් කැන්දන
නුඔ එන්නේ කවදාද ලීයු කවි මුමුණන්න


2 comments:

Awantha said...

Nice your came back new name nice to see you wish you all the best in sihina isawwa

මාරයාගේ හෝරාව said...

ලියූ කවි මල් පිපී පරඋන..
මිලානව ගිය මාවතේ..
වසන්තය අග නේන දවසක..
යළිත් දිනයක මුණ ගැසේ..

Post a Comment